හුදකලා වූ
පෙම්වතාණෙනි කියන්න
තාරුන්‍යයේ කඩඉමත් පසුවී
ඔබ ඔතැනමද
මම මෙතැනමද
හැමදාම…..

රැලකින් තනි වී වනමැද සරනා
කැකුලු තුරුණු යාමේ
ඇතෙකුට ඇත් දළ යුවලක් වාගේයි
මට ඔබගේ ප්‍රේමේ . .

ඔබේ සිනා ලඟ - නෙත නැවතුනු දා..
ඔබේ කථා ලඟ - සිත නැවතුනු දා..
ප්‍රේමය හැදින්නෙමි..
ප්‍රේමය හැදින්නෙමි - මේ ලෝ තලයේ…//

දුක තද කරන් මහමෙර තරම් මට ඉන්න බැ ඔබ නැතිවනම්
අපි හමුවුනත් ඉදහිට යලිත් එක් වෙන්න බැ කවදාකවත්
නිතර වැටෙනා කදුලට ඉතින් කතා කර ගන්න පුලවන් නම්
කියයි හඩගා ලොවට මතුදා ඔබට මම ආදරෙයි කියලා..

ජීවිතේ කවියක්… ආදරේ එහි සොඳුරුතම වදනක්… කඳුලැලි බිඳක් හසරැළි පොදක්… එකට එක් වූ විට දැනේ පෙර නොවිඳි රසයක්… 

සඳ එළිය ගලා එන රාත්‍රියයි
ඔබ මගෙන් සමුඅරන් යන්න ළඟයි
තව ටිකක් ඔබේ ළඟ ඉන්න හිතයි
ඒ වුනත් සමු අරන් යා යුතුමයි… //

ආදරෙයි මං ඔය හිතට තාමත් 
සිහිනයකවත් ඔයා දැන් නාවත් 
වෙන්වෙලා අපි දුරින් ඉමු කීවත් 
මතක් වෙන්නේ ඔයාවයි තාමත්